2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව පසුගිය මාර්තු මස 5 වන දා සිට අද දක්වා වු කාලය දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 55ක් වන අතර ආධාරකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බවයි පොලීසිය සඳහන් කළේ.
මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 128ක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 476ක් වාර්තාවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
