මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගතවූ පැය තුනක කාලය තුළ ජනතාව සාධනීය උනන්දුවක් සහිතව ඡන්දය භාවිතා කරමින් සිටින බවට සිය නිරීක්ෂකයින් වාර්තා කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක පවසනවා.
ඒ අනුව අද (06) දිනයේ දහවල් කාලය වන විට ඡන්දය භාවිතා කිරීමේ උනන්දුව වැඩිවනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
කිසිඳු ප්‍රධාන පෙළේ සිදුවීමක් වාර්තා නොවන බවද, ඡන්ද පොළවල් ආශ්‍රිතව ඡන්ද සලකුණු සහිත කාඩ්පත් විසි කිරීම හැරුණු විට, ඡන්ද දායකයින් නීති විරෝධීව ප්‍රවාහනය කිරීම් හා ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම් වැනි සිදුවීම් මෙතෙක් වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළා.