Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන මැතිවරණයේදී නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව පළාත් පාලන ආයතනයකින් සිදුවන කාර්යභාරය ගැන අවබෝධයකින් යුතුව ඡන්දය භාවිතා කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමස‍ාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමෙන් අනතුරුව ඡායාරූප ගැනීම වැනි නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙසද ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.