පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (06) පෙරවරු 07.00 ට ආරම්භ වුණා.
ඒ අනුව පස්වරු 4.00 දක්වා එය පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය/පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, ආබාධිත තැනැත්තන්ට නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත යන ලේඛනවලින් එකක් භාවිතා කර, සිය අනන්‍යතාව තහවුරු කර ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද, ලියාපදිංචි සෑම ඡන්ද දායකයෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, වලංගු ආකාරයේ අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛණයක් ඉදිරිපත් කර, ඡන්දය භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.