සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවදය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මරණයට අදාලව එම විශ්වවිද්‍යාලයේම සිසුන් සිව්දෙනෙකු පසුගිය 04 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අද බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
මේ අතර එම සිදුවීමට අදාලව තවත් සිසුන් සිව්දෙනෙකු ඊයේ (05) සමනලවැව පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.