ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ Skype යෙදුම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව Skype යෙදුම අයත් මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය මාර්තු මාසයේදී සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, 2025 මැයි මාසයේ සිට Skype යෙදුම සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවයි.
Skype යෙදුම අවසන් කිරීමත් සමඟ එම ගිණුම් හිමියන්ට එම මුරපදම භාවිතා කර Microsoft Teams Free වෙත සම්බන්ධවීමට හැකියාව ලැබෙන බවයි එම සමාගම නිවේදනය කරන්නේ.
Skype යෙදුම 2003දී ප්‍රථම වරට නිකුත් කර තිබුණා.