තරග සංචාරයක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මස දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් මෙම සංචාරයට ඇතුළත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ටෙස්ට් තරගාවලිය ජුනි 17 සිට 29 දක්වා පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ජුලි 02 සිට ජුලි 08 දක්වාත්, විස්සයි විස්ස තරගාවලිය ජුලි 10 සිට ජුලි 16 දක්වාත් පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන පහතින්.
