Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් විසින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ඒ අනුව අහිංසක ජීවිත අහිමිවීම සම්බන්ධයෙන් ඔහු සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති බවත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාවට පූර්ණ සහයෝගය පළ කරන බවත්, ප්‍රහාරයේ වැරදිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළ යුතු බවට රුසියානු ජනාධිපතිවරයා පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, අප්‍රේල් 22 වන දින පෙහෙල්ගාම් හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය යාමෙන් පසුව, ඉන්දියාව සමඟ ඇතිවූ අර්බුදය සමනය කිරීම සඳහා මොස්කව්හි පකිස්ථාන තානාපතිවරයා රුසියාවේ සහාය ඉල්ලා තිබෙන අතර, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කර ඇත්තේ කාශ්මීරය සම්බන්ධයෙන් පකිස්ථානය සහ ඉන්දියාව අතර පවතින ගැටලුව විසඳීම සඳහා සහාය ලබාදෙන බවයි.