පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු සිදු කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටිනවා.
ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස සාමාන්‍ය වේලාවට පෙර වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.