අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා, රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදු කිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ නමුත් ඔහුට අද දිනයේ ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.