උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගෙන, මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද රන් භාණ්ඩ තොගයක් පසුගියදා යුද හමුදාව විසින් පොලීසියට භාරදීමට පියවර ගෙන තිබුණා.