Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී නොකළ යුතු ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඡංගම දුරකථන භ‍ාවිතා කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම්පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සහ මත්පැන් පානය කර හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීම නොකළ යුතු බවයි එම කොමිසම සඳහන් කළේ.

එසේම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භායක දුර ප්‍රමාණයක් තුළ ඡන්ද ආයචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගෙන් ඡන්දය ඉල්ලීම, යම් නිශ්චිත අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම හෝ ඡන්ද මධ්‍යස්ථානය අවට ඡන්ද සලකුණු හෝ ලකුණු ප්‍රදර්ශනය කිරීම හෝ බෙදාහැරිම නොකළ යුතු බවද සඳහන් කර තිබෙනවා.

මීට අමතරව ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත / වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරිමක් බවත් එවැනි ක්‍රියාවලින් වැළකී ‍සිටින ලෙසයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදන පහතින්.