ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි 'රතු පාළම' නැමැති ස්ථානය අසල දී ඇද වැටී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, වල්පිට සිට පැමිණි 47 හැවිරිදි දෙදරු මවක් බවයි නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේ.
බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව නල්ලතන්නිය පොලීසියේ හා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කඩිනමින් නල්ලතන්නිය වෙත රැගෙන විත්, නල්ලතන්නිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ගිලන් රථයෙන් ගෙන ගොස්, මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මරණයට පත්ව සිට ඇති බවයි පැවසෙන්නේ.
නල්ලතන්නිය පොලීසිය විසින් මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.