Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානවල සිට අද ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී හෙට (06) පෙරවරු 07.00ට ආරම්භ වීමට නියමිත අතර, පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතයි. 

පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමේ දී ඡන්ද හිමියන් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.