මේ වසරේ ගතවූ පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කොමිසම පවසනවා.
ඒ අනුව ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර, සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම කොමිසම සඳහන් කළා.
එසේම එම කාලය තුළ චුදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.