පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4450 ක් පමණ යොදවන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
ඒ අනුව මෙවර ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
එසේම ‘කැෆේ’ සංවිධානයද නිරීක්ෂකයින් 1250 දෙනෙකු යොදවන බවද එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කරනවා.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් යොදවන නිරීක්ෂකයින් සංඛ්‍යාව 200ක් වන අතර, ජංගම නිරීක්ෂණ රථ 50ක් ද ඒ සඳහා යොදවන බවයි, එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ.