2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව, මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඊට අමතරව, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද (05) උදෑසන 6.00 දක්වා කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 204 ක් සහ වාහන 46ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එසේම මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 452 ක් හා අපරාධමය පැමිණිලි 116ක් ද ලැබී ඇති බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
