Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වැනිදා සිට 06 වැනිදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව වියට්නාමයේ ජනාධිපති Luong Cuong ගේ ආරාධනයක් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක වියට්නාමයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවිමට නියමිතව තිබෙනවා.

එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වියට්නාම සමාජවාදී ජනරජය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55 ක් සපිරෙන බැවින්, මෙම සංචාරයේදී දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.