Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් සංශෝධනය කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනය කර, නිෂ්කාශනය කිරීමට නොහැකි වී වරායේ තිබුණු මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකි වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බවයි ‍සඳහන් වෙන්නේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අප්‍රේල් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ සඳහන් කළේ, දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ නිෂ්කාශනය කර ගැනීමට නොහැකිවී තිබූ Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ සහ එම තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහන මෙම නව ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග නිෂ්කාශනය කර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්.