ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) Colombo Strikers සහ Jaffna Kings යන කණ්ඩායම් සමඟ තිබූ හවුල්කාරිත්වය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ගිවිසුම්ගත වීමේදී එකඟ වූ කරුණු ඉටු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස හවුල්කාරීත්වය අවසන් කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG සමූහය නිවේදනය කර තිබෙන්නේ.
ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නව හිමිකාරිත්වයක් යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
