මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය "කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු" යන තේමාව යටතේ පැවැත්වෙනවා.
ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද අදාළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.