ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි මාසයේ දී වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කර ගනිමින්, ජනාධිපතිවරයා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
එම සංචාරයේදි ජනාධිපතිවරයා අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත අතර, එම යෝජනා ඊයේ (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

