මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ සැකරුවන් 331 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව, පසුගිය 13 වැනිදා සිට ඊයේ (27) දිනය අතර කාලය තුළ සිදුකළ වැටලීම් 331ක් යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම එම මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 142 යි මිලිග්‍රෑම් 122 ක්, අයිස් ග්‍රෑම් 157 යි මිලිග්‍රෑම් 823 ක්, ගංජා කිලෝ 08 යි ග්‍රෑම් 454 ක් හා හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 410 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
