00:00 : දළාදා වහන්සේ දැක බලා ගන්න ඔන්න දැන් හදලා තියෙනවා.
00:02 : දැන් සහෝදරවරුනි, මුන් තමයි මේ දළදා වහන්සේට අර LTTE කාරයින්ට කලින් ගහපු එවුන්. LTTE කාරයින්ට දළදා වහන්සේට ගහන්න පුරුදු කෙරුවේ මුන්.
00:10 : මම ඒකයි කිව්වේ, යන්ඩ කලින් සරමක් ඇඳගෙන, දළදා වහන්සේට හතර කොනට වැඳලා පටන් ගන්න ඕනේ මේ දළදා වහන්සේ පෙන්නන වැඩේට.
00:17 : මොකද, ඒ තරම් පව්කාරකම් කරපු උන් ටිකක් තමයි අවසානයේ අපිට ඉතුරු වුනේ.
00:20 : ගිය සතියේ ගිහිල්ලා කින්නියාවේ, කතා කරනවා ජනාධිපතිතුමා - ඒ ප්‍රාදේශීය සභාව දිනුවොත්, ඒ ප්‍රාදේශීය සභාවේ යෝජනාව ආව ගමන් ඇස් දෙක පියාගෙන අත්සන් කරනවාලු.
00:29 : ඒ ප්‍රාදේශීය සභාව වෙන කට්ටියක් දිනුවොත්, සෑහෙන දවසක් ගිහිල්ලාලු කල්පනා කරන්නේ, 'මේකට සල්ලි දෙනවද, නැද්ද' කියලා.
00:35 : 82 වගන්තිය අනුව, ජනාධිපතිවරයා ඡන්ද නීතිය උල්ලංඝනය කරලා තියෙනවා.
00:39 : ඊට පස්සේ කියනවා, 'නෑ නෑ, මම එහෙම නෙමෙයි කිව්වේ, මම එහෙම කිව්වේ හොරකම් කරයිද දන්නෑ, ඒක හින්දා තමයිලු දෙන්න බැහැ කිව්වේ.'
00:45 : දැන් කියපු එක වමාර ගන්න බැරුව ජනාධිපති තටමනවා - කෙඳිරි ගානවා - තමන් කියපු එක අස් කරගන්න බැරුව.