00:00 : මේ වන විට, මේ මරණීය තර්ජන සහ වෙඩි තැබීම් යම් යම් තැන්වල සිද්ධ වෙනවා.
00:06 : ජනාධිපතිතුමා මේවා ගැන සොයා බලලා - මේ ජාතික ආරක්ෂාව සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමනි, බොහොම විධිමත් විදිහට පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටිනවා.
00:17 : ටියුෂන් දෙනවා කිව්ව ජාතික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, දැන් මේ මැර කණ්ඩායම් වලට මොකද කියන්නේ? වෙඩි තැබීම්වලට මොකද කියන්නේ?
00:25 : දැන් අපි දැක්කා ඊයේ කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට වෙඩි තියලා තියෙනවා.
00:32 : ඒවා අනුව දැක්කම, මැතිවරණ කරන්න පුලුවන් වෙයිද? ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා සිටින්නේ වර්තමාන රජයෙන් -
00:40 : ඔබතුමාලා හොඳ දේවල් කරගෙන යන්න, අපි පූර්ණ සහයෝගය කවදත් දෙනවා - කොයි වෙලාවෙත් දෙනවා. ඒවා නතර කරන්නෑ.
00:47 : නමුත් යම් වැරදි සිදුවීමක් සිදු වුවහොත්, අපි ඒවට කතා කරනවා.