ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට අදාළව, එම අවන්හල් කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් එකොළොස් දෙනෙකු අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසනවා.
අප්‍රේල් 16 වැනිදා රාත්‍රියේ අවන්හල් සේවකයින් සහ ආහාර ගනිමින් සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් කොළඹ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 17 සහ 14 වයස්වල බාල වයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.
සිදුකළ විමර්ශනවලින් පසුව, පොලිසිය විසින් එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.
ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.