Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අද (18) දින​යේ ප්‍රධානතම පුවත බවට පත්වූයේ අද ඇරඹුණු සිරි දළදා වන්දනාවයි. එම පුවත ඇතුළු දවස උණුසුම් කළ පුවත් සාරාංශය පහතින්.


ප්‍රධාන පුවත: සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16 කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ වූ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙන අතර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.


සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

වසර 16 කට පසු පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ රටවල් රැසක තානාපතිවරුන්, එක්වූ අතර වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක්වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කර තිබුණා.