Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තීරු බදු පැනවීම සම්බන්ධයෙන් කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඒකපාර්ශ්විකව ගෝලීය තීරුබදු පැනවීම තුළින් කැලිෆෝනියානු පවුල් සහ ව්‍යාපාරවලට හානි සිදුවන බවටයි ඔහු චෝදනා කර තිබෙන්නේ.

මෙක්සිකෝව, චීනය සහ කැනඩාවට එරෙහිව තීරුබදු පැනවීමට හෝ ලෝකයේ සෙසු රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක මූලික තීරුබදු පැනවීමට ට්‍රම්ප්ට බලයක් නොමැති බවයි කැලිෆෝනියා ප්‍රාන්තය නිවේදනය කර තිබෙන්නේ.