Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපි කියන්නේ 'තාම වෙලා නෑ, වෙලා නෑ' කියලා, වෙනවා!

00:03 : ඒක තමා අර කපපු පණුවෝ වගේ දඟලන්නේ උදේට පාර්ලිමේන්තුවේ. දැන් වැඩේ හොඳටම වෙනවා. ඒ මොකක්ද?

00:09 : පෙරේදා අලුතෙන් පනතක් සම්මත වුණා. මොකක්ද? අයුතු ලෙස අත්පත් කර ගත් වත්කම් පවරා ගැනීමට සහ නීතිමය කටයුතු කර ගැනීමට අවශ්‍ය කරන පනත.

00:17 : දැන් කවුද බය වෙන්න ඕනේ? දැන් අපි බය වෙන්න ඕනෙද මේකට?

00:20 : ඒ කියන්නේ, අපි උත්පාදනය කර ගත්ත ධනය, බය නැතුව ඕනෑම තැනක අපිට කියන්න පුළුවන්.

00:26 : අර ගොල්ලෝ කොහොමද දැන් හෙට ඉඳලා කියන්නේ? ඕගොල්ලන්ගේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා එහෙම කොහොමද කියන්නේ?

00:31 : ඒ නිසා, ඒ පනතට තමයි දැන් ඔක්කොම බයවෙලා, කෑ ගහන්න පටන් අරන් තියෙන්නේ.

00:35 : මෙච්චර කාලයක් අපේ ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ, පළාත් සභාවේ ගහපු ගැහිලි තමන්ගෙ ගෙවල් වලට මොනවා හරි විදිහකට ගියා නම් -

00:43 : ඒවා ඔප්පු කරගන්න බැරි නම්, ඒවා රාජසන්තක වෙනවා.