Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : මම කියනවා බැඳුම්කරය ගැන - වගකීමෙන් කියනවා. අර අහිංසක ග්‍රාමසේවක මහත්තයාව, මෛත්‍රීපාල සිරිසේනව බලයට ගෙන ආවේ අපි.

00:06 : ඒ අපි බලයට ගේන්න, අපිට අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, එහෙම නැත්නම්, හිටපු ජනාධිපතිතුමා අපිට මුදල් දුන්නා.

00:13 : මුදල් දුන්නේ එක කොන්දේසියක් මත. සිරිකොතේ මුදල් පිරිලා තිබුණා.

00:16 : මං ඒක කිව්වා කියලා, අපේ නලින්ද ඇමති සහෝදරයා මතුගම වේදිකාවේ දී කිව්වා 'මෙන්න ජගත් විතාන මෙහෙම කිව්වා' කියලා.

00:23 : අදත් මම පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙම කියනවා!

00:25 : ඒ සල්ලි දුන්නේ කොන්දේසිය තමයි, අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරනවා කියන කොන්දේසියට එකඟ වෙලා දුන්නේ. ඒ කොන්දේසි ඉෂ්ට කළේ නැද්ද?

00:32 : ඊට පස්සේ අපිට දුන්නු මුදල් ටික ඩබල්, ට්‍රිබල් කරලා ගත්තා ඒ මනුස්සයා. අරගෙන අදත් නෑ!

00:37 : ඇයි මාව කැඳවන්නේ නැත්තේ? ඇයි මගෙන් අහන්නේ නැත්තේ?