Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : විපක්ෂෙට වැටිච්ච කට්ටිය, දෙකයි පනහට, තුනට වැටිච්ච කට්ටිය දැන් කෑ ගගා යනවා අපි පොරොන්දු කඩ කළා, බොරු කිව්වා කියලා.

00:05 : ඇත්තටම බොරු කිව්වේ කවුද? අද විපතක් වෙලා තියෙන්නේ විපක්ෂයේ අයට. කියන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද දන්නෑ.

00:11 : ඔබට මතක නම් ඒ කාලේ, ඡන්දයට කලින් ඔය මහත්තුරු කිය කියා ගියා 'මාලිමාවට ඡන්දේ දෙන්න එපා - අනුරට ඡන්දේ දෙන්න එපා' -

00:17 : 'ඒ ගොල්ලන්ට ජාත්‍යන්තර සබඳකම් නෑ - ලෝකෙන් උදව් කරන්නේ නෑ - රට ගෙනියන්න බෑ' කියලා. කිව්වද නැද්ද? කිව්වා!

00:23 : දැන් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් ලංකාවේ මෙතෙක් හදපු ආණ්ඩුවලින් වැඩිම ජාත්‍යන්තර සහයෝගය ලැබෙන ආණ්ඩුව අපේ ආණ්ඩුව බවට පත්වෙලා!

00:29 : ඒ කාලෙ කිව්වා ඒ ගොල්ලෝ, අපේ ආණ්ඩුවක් ආවොත් පෙරහැර කරන්න වෙන්නෑ කිව්වා - පෙරහැරවල් නතර වෙනවා කිව්වා - බුද්ධාගම අදහන්න වෙන්නෑ කියලා කිව්වා.

00:35 : වුනේ මොකක්ද දැන්? අපේ ආණ්ඩුව ආවා - පෙරහැරවල් කෙරෙනවා - බුදුදහම තියෙනවා - අලුත් සහල් මංගල්‍යය තියෙනවා.

00:41 : ඒ විතරක් නෙවෙයි, දළදා ප්‍රදර්ශනයකුත් කරනවා අවුරුදු 16-17කට පස්සේ. ඒගොල්ලෝ ඒ කාලේ කිව්වෙ අපිට, 'අපි ආවොත් පෙරහැරත් නෑ' කියලා.

00:49 : දැන් අපි ඇවිල්ලා දළදා ප්‍රදර්ශනය කරනකොට ඒ ගොල්ලෝ කියනවා, විපක්ෂය දළදා ප්‍රදර්ශනය වර්ජනය කරනවාලු.