Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපේ එක සහෝදරයෙක් මට කියනවා 'ගමේ කට්ටිය කියන්නේ සහෝදරයා අපේ වේගේ මදියි කියලා' - ආණ්ඩුවේ වේගේ මදි ලු!

00:05 : මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඉක්මනින් හොරුන්ට දඬුවම් දෙයි, මොනවා හරි කරයි - මේ රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළේ තියෙන අකාර්යක්ෂමතාවය නවත්තයි කියලා. ඒවට වේගේ මදි නේ!

00:13 : මං කිව්වා 'සහෝදරයා! මිනිස්සු වේගය බලාපොරොත්තු වෙන එක හොඳයි. හැබැයි, driver හිමිහිට යනවා කියලා දොස් කිව්වට, පාර දිහා බලලා, ගානට තමයි පැදගෙන යන්නේ'.

00:20 : ඒ හින්දා අපි දේශපාලන වාහනය නවත්තගෙන ඉන්නවා නම් දොස් කියන්න. යන්නේ නැත්නම් නේ දොස් කියන්න ඕනේ.

00:25 : වේගය මදියි කියන්නේ දැන් - ඒ වුණාට අපි ඉස්සරහට යනවනේ - වේගයත් අවශ්‍ය ප්‍රමාණයට තියන් ඉන්නේ මේ.

00:30 : ගත්ත ගමන්ම වාහනේ, සාමාන්‍යයෙන් 120ට පාගන්නේ නෑනේ. එන්ජින් එහෙම පදම් කරගන්න ඕන.

00:35 : දැන් ඔය වේගයෙන් පැදපු වාහන තියෙනවා නේද - දේශපාලන වාහන. වැඩිකල් දිව්වේ නෑ!

00:38 : දැන් මෛත්‍රීපාලගේ වාහනය ගන්නකෝ 2015 - රනිලුයි දෙන්නා එක්කහු වෙලා යහපාලන වාහනේ දැම්මා - මොකද වුණේ?

00:44 : අනේ 'ඥහ් ඥොක්' ගාලා හැප්පුනා - රනිල් එක පැත්තකට විසිවුණා, මෛත්‍රී එක පැත්තකට විසිවුණා - දෙන්නා හොයාගන්නත් නෑ දැන්.

00:50 : ඊට පස්සේ මිනිස්සුන්ට තරහ ගිහිල්ලා අලුත් වාහනයක් හැදුවා - ඒකට නම දැම්මා 'සෞභාග්‍යයේ දැක්ම' කියලා - සීට් එකේ තිබ්බා ගෝඨාභය.

00:55 : ගෝඨාභයත් පැද්දා වේගයෙන් - ගෝඨාභයගේ වේගය වැඩි වුණා - ගෝඨාභය ගුවන් යානයක නැග්ගා - වේගයෙන් ගිහිල්ලා මාලදිවයිනේ බැස්සා.

01:02 : ඒක හින්දා මං මේ රටේ පුරවැසියන්ට කියන්නේ, ඔය අනවශ්‍ය වේගයන් හිතන්න එපා. අපි අවශ්‍ය වේගෙට යනවා!