00:00 : මං විශ්වාස කරන්නේ නෑ විපක්ෂය හැටියට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.
00:04 : මොකද, තාම මේ ආණ්ඩුව ගැන ජනතාව දකින්නේ සුබවාදී විදියට. අපිත් දකින්නේ සුබවාදී විදියට.
00:10 : ඉතින් අනිවාර්යයෙන්ම මේ ගමේ බලයත්, නැත්නම් ප්‍රාදේශීය සභාත් මෙතුමන්ලටම දෙන්න ඕනේ.
00:14 : නැත්නම් දැන් ඕක මොකක්ද වෙන්නේ? ඊළඟට කියන්නේ 'අපිට ගමේ බලය දුන්නේ නැති නිසා අපිට මේක කරන්න බැරි වුනා' කියලා.
00:19 : මම කියන්නේ, ඔක්කොම එකතුවෙලා හරි ගමේ බලයයි, ප්‍රාදේශීය සභායි, නගර සභා ටිකයි ඔක්කොම දෙන්න ඕනේ. එහෙමත් දීලා කරන්න බැරි වුනොත් තමයි ඉතිං ප්‍රශ්නේ වෙන්නේ.
00:26 : ඒ හින්දා මම නම් ප්‍රාර්ථනා කරනවා රටේ සියලුම පළාත් පාලන ආයතන ටික සියල්ලම මාලිමා රජයටම හිමිවේවා කියලා!
00:33 : එහෙම වුනේ නැත්නම් වෙන්නේ, ඔය මන්ත්‍රීවරු 159 දෙනා කියයි 'අපිට මේක හම්බුනේ නෑ - මේක හින්දා මේක බැරිවුනා' කියලා.
00:38 : මේ අවුරුදු 5 බලන්න ඕන වැඩ කරන විදිය. මම කියන්නේ 2028 ආර්ථික අර්බුදය, ඩොලර් අර්බුදය විසඳුවොත්, මේ ආණ්ඩුව තව අවුරුදු දහයක් තියෙනවා.