Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපරාධ, වංචා, දූෂණ කළා නම්, කාට උනත් දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. අපිට වෙනම ඉලක්කයක් නෑ.

00:06 : මම දැන් මේ සම්බන්ධයෙන් සොයා බැලුවා මේක මාධ්‍යවල පළ වෙන නිසා.

00:09 : 2016-17 වකවානුවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉන්න කොට කරපු මූල්‍ය අක්‍රමිකතා, අවභාවිතාවන් සම්බන්ධයෙන් කරපු පැමිණිලි දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා.

00:18 : ඉතිං අපි සන්තෝෂ වෙනවා නව පාලනය සම්බන්ධයෙන් - නිලධාරින් වුණත් බිය සැකෙන් තොරව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවානේ.

00:25 : ඕවා පහුගිය කාලේ යට ගැහිච්ච ෆයිල්. ඒ හින්දා අපට මහින්ද ද, රනිල් ද, චාමර ද අදාළ නැහැ!

00:30 : අපි කියන්නේ මේ රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

00:34 : ඉතින් ඒවාට ජනාධිපතිතුමා හරි, අපි දේශපාලඥයෝ හරි ඇඟිලි ගහන්නේ නෑ.

00:37 : කොහොම උනත් මට හිතෙනවා, රටේ ජනතාවට සන්තෝෂ වෙන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා.

00:42 : ඒකට තරාතිරමක් නෑ - මැති ඇමැතිවරු අදාල නෑ - අපේ කෙනෙක් වුනත්, වරදක් කළොත් වරද තමයි!