Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ආණ්ඩුව සහයෝගය දෙන්නේ නෑ දැන් පාතාලයට. ඒ නිසාම පාතාලයේ ගැටුමක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා.

00:06 : ඒක පාතාලයේ ගැටුමක්ද, එහෙම නැත්නම් දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙහෙයවන එකක්ද කියන එක පිළිබඳව රජය විදියට තොරතුරු සොයමින් තියෙන්නේ.

00:15 : පාතාලය හා පාතාලය අතර ගැටුමක් නිර්මාණය වෙලා තියෙන එක ඇත්ත.

00:18 : නමුත් වෙනදා මේ ගැටුම නිර්මාණය වුණේ, ආණ්ඩුව සහයෝගය දෙන කොට පාතාල කණ්ඩායමකට, අනෙකුත් පාතාලයේ කණ්ඩායම් මර්දනයක් සිදුවුණා.

00:26 : මෙන්න මේක දැන් සිද්ධ වෙන්නේ නෑ කියන එක තමා අපි කියන්නේ. රජය මේ කිසිවකට අනුබල දෙන්නේ නෑ.

00:31 : අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා. ඉතා ඉක්මනින් මේ තියෙන අපරාධ රැල්ල අවසන් කරන්න පුළුවන් වේවි.

00:37 : මේ අපරාධ රැල්ලට ඉතිහාසයක් තියෙනවා. සොත්ති උපාලිලා හිර ගෙවල් වලින් එලියට අරගෙන, දිවයිනටම බලපාන සාමදාන විනිශ්චයකාර ධුර දීලා -

00:45 : පටන් ගත්තු අපරාධ සංස්කෘතිය තමයි මේ තියෙන්නේ. ඒ සංස්කෘතිය එකවර අවසන් කරන්න බෑ.

00:50 : අපි මේ රටේ ජනතාවට ඉතාම වගකීමෙන් කියනවා - වර්තමාන ආණ්ඩුව ඒ අපරාධ රැල්ලට නායකත්වයක් දෙන්නෙත් නෑ, වර්තමාන ආණ්ඩුව ඒකට අනුබල දෙන්නෙත් නෑ.

00:58 : වර්තමාන ආණ්ඩුව පාතාල ලෝකය අවසන් කිරීම සඳහා, අපරාධ අවසන් කිරීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.