Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙරට තුළ Starlink සේවාව අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

දත්ත සහ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීම සම්බන්ධයෙන් අදාළ සමාගම තුළින් සිදුවන ප්‍රමාදයක් හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එම සමාගමට නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Starlink සේවාව භාවිතා කරමින් යමෙකු මෙරට තුළ යම් වැරදි කටයුත්තක නිරත වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට Dashboard එකක් ලබාදීමට අදාළ සමාගම කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම කොන්දේසිය Starlink සමාගම සමඟ අත්සන් කරන ලද ගිවිසුමේද සඳහන්ව ඇති බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.