Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : උදේට කෑගහන්න පුළුවන් TV cut එකට, ඕකෙන් මුකුත් වෙන්නෑ.

00:03 : මාධ්‍ය අපේ රටේ දේශපාලනය කරපු කාලේ ඉවරයි.

00:08 : අපේ රටේ මාධ්‍ය නම් දේශපාලන කරේ, මම මේ රටේ ජනාධිපති වෙන්නෙ නෑ, පාර්ලිමේන්තුවෙ 159ක් එන්නෙ නෑ.

00:15 : මාධ්‍ය​යේ මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න.

00:25 : ඇයි? මාධ්‍ය විසින් මාධ්‍ය වල තියෙන වලංගුතාවයද නැති කරගෙන, දේශපාලන න්‍යා​ය පත්‍රයකට ආවා, නැත්නම් නයි වැඩම්මයිද?

00:34 : ආයේ පුලුවන්ද දේශපාලන නායකයින් හදන්න ​ඒ නාලිකාවලට? කරන්න බෑ.

00:38 : ඒ නිසා තවදුරටත් ඔබ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන, මාධ්‍ය වලින් ගොඩ නැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාරය කියලා, නෑ. ඒක දැන් පැරණි යුගය.

00:46 : අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය, නිරන්තරයෙන් ජනතාව මුහුණට මුහුණ මුණ ගැසීම.

00:59 : එතන තමයි අනාගත දේශපාලනය, තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලනයේ.

01:06 : ඒ නිසා උදේ කරන ගෝරනාඩුව, වාසි නෙවෙයි අවාසියි.

01:09 : තමන්ට ස්වයං වින්දනයක් ලැ​බෙන්න පුළුවන්, ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්, රෑ හතේ ප්‍රවෘත්ති බලනකො​ට මූණ තියෙනවා, තමන්ට විතරයි.

01:29 : මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවරයි, ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නෑ.

01:36 : හොඳට තේරුම්ගන්න, මුළු පරිවර්තනයක් සිදුවෙලා තියෙන්නේ.

01:41 : ඒ පරිවර්තනයට තමුන්නාන්සේලා එන්නේ නැතුව, අර පැරණි දේශපාලන මාවතම නම් තමුන්නාසේලාට තියෙන්නේ, තමුන්නාන්සේලා දේශපාලනයේ පොසිල.

01:59 : වෙනස් වෙන්න. අපි කිසිකෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නෑ.

02:03 : අපි කියන්නේ ​අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා, මේ රටට නැවත නැගිටින්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා.

02:08 : මේ අවස්ථාව අපි අත්හරිනවද? කිසිසේත්ම පුද්ගලයෙක් ලෙසත් ආණ්ඩුවක් ලෙසත්, මේ අවස්ථාව අපි අතරින්නේ නෑ.

02:21 : මට හෝ අපි කිසිවෙකුට පෞද්ගලික තමන්ට ලැබෙන අභාලාෂයක් නෑ, අපිට තියෙනවා මේ රටත් මේ රටේ ජනතාවත් පිළිබඳ සුබ සිහිනයක්.

02:31 : මේ සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා අපි පොරබදනවා.

02:34 : ඔබට සහතිකයක් දෙන්නම්, අපි ඒක යථාර්ථයක් බවට පත් කරනවා.

02:38 : මම ඔබට ආරාධනා කරන්නෙ, ඔබ එහි පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත්වෙන්​න.

02:43 : ඉතිහාසය ලියන්න එපා, ඔබ මේ අවස්ථාව අත්හරින්න දායක වෙච්ච මිනිස්සු, අකුල් හෙලපු මිනිස්සු කියලා.

02:53 : ඔබ ඉතිහාසගත වෙන්න, රටේ අවස්ථාවක් ආවා, ඒ අවස්ථාව ඉතා හොඳින් උකහා ගැනීම සඳහා විපක්ෂයේ සිටද ඔබ උදව් දීපු ව්යාපාරයක් විදියට, ඒකයි මේ අවස්ථාව.