00:00 : පහේ ශිෂ්‍යත්වය පිළිබඳ මෙතන මතු වුණා - මොකක්ද පහේ ශිෂ්‍යත්වයට වෙන්නේ කියන එක.
00:05 : ඔබ දන්නවා, පහේ ශිෂ්‍යත්වය විභාගය එන්නේ පාසැල් අතර තියෙන විෂමතාව නිසා.
00:10 : දක්ෂ දරුවන්ට අර හොඳයි කියන පාසලකට ඇතුළු වෙන්න තියෙන අවස්ථාවක්!
00:14 : අපි හිතන්නේ නෑ මේ තියෙන තත්ත්වය තුළ ඒකට අපිට ලොකු වෙනස් කමක් කරන්න පුළුවන් කියලා.
00:19 : අපි උත්සාහ කරන්නේ පාසැල් අතර විෂමතාව ක්‍රමානුකූලව නැති කරලා...
00:23 : මේ හොඳ පාසැල්, හොඳ නැති පාසැල් - ජාතික පාසැල්, ජාතික නොවන පාසැල් වැනි, විශේෂයෙන්ම ගුණාත්මකභාවයෙන් විෂමතා තියෙන පාසැල් ක්‍රමය වෙනස් කරන්න.
00:32 : ඒකට අපිට යම්කිසි කාලයක් යයි. එතෙක් කල්, පහේ ශිෂ්‍යත්ව විභාගය අපිට පවත්වන්න වෙනවා.
00:38 : නමුත්, අපි උත්සාහ කරන්නේ ඒ පහේ ශිෂ්‍යත්ව විභාගය තුළින් එන මානසික පීඩනය අවම කරන්න.
00:44 : ඒ සඳහා අපි විශේෂඥ කමිටුවක් එන අවුරුද්දේ පත් කරන්න නියමිතයි.
00:48 : අපි හිතනවා, බොහෝ දුරට ඒ මානසික පීඩනය ළමයින්ට දෙන්නැති විභාගයක් 2028 විතර අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
00:58 : නමුත් ඇත්තටම මේකට විසඳුම එන්නේ පාසල් අතර තියෙන ගුණාත්මකබවේ විෂමතාවය අපි නැති කළාම.