00:00 : අපි දන්නවා හුඟක් ප්‍රශ්න තියෙන්නේ ප්‍රමාදයේ ප්‍රශ්න.
00:03 : අපේ ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් ආයතනයකට ගියොත් අවසර ගන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන කෙනෙකුට අඩු තරමේ අවුරුදු එකහමාරක්වත් යනවා අවසර ගැනීමේ ක්‍රියාවලිය ඉවර කරන්න.
00:11 : එහෙම නැතුව කරන්න නම්, පගාව දෙන්න ඕනේ. දැන් පගාව දෙන එක නතර කරලා තියෙන්නේ!
00:15 : පගාව දීම වෙනුවට රජයේ සේවකයින්ට, නිලධාරීන්ට රජය විසින් වැටුප් වැඩිකරලා තියෙනවා - දිරිගැන්වීම දෙනවා - අවශ්‍ය සියලු පහසුකම් සලසන්න තීරණය කරලා තියෙනවා.
00:24 : ඒ හින්දා දැන් පගාව ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ක්‍රියාවලිය දැන් දුෂණයෙන්, අල්ලසින්, කාලය නාස්ති කිරීමෙන් තොරව සිද්ධ කරන්න ඕන.
00:31 : තව ඒක වැඩිදියුණු කරන්න රජයේ සියලු ගෙවීම් කටයුතු ඩිජිටල්කරණය කරන්න තීරණය කරලා තියෙනවා.
00:36 : රජයේ කටයුතු පහසු කර ගන්නත් ඕන. ඔබ එය පහසු කර ගැනීම වෙනුවෙන් නිලධාරීන්ට අමතර ගෙවීම් කරන්න එපා!
00:42 : එහෙම කරලා 'පගාව ගන්නවා' කියලා චෝදනා කරන්නත් එපා. මොකද පගාව දුන්නොත්නේ ගන්නේ.
00:46 : දැන් අද දේශපාලන බලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා.
00:49 : කිසිම මහජන නියෝජිතයෙකු ඔබට බලපෑම් කරන්නෙත් නෑ. ඔබ බලපෑම් කරන්නත් එපා! දෙපැත්තම නෑනේ එතකොට.