Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : එක පැත්තකින් ආණ්ඩුව විශ්වාස කරනවා ඇති, මහින්ද රාජපක්ෂ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.

00:04 : සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන දැක්මක් සහ වැඩපිළිවෙළක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තියෙන්නේ.

00:09 : ඒ වගේම, අපි හැමදාම මේ රටේ මහජනතාව එක්ක දේශපාලනය කළේ. අපි බලය තිබ්බත් නැතත්, අපි මේ රටේ මිනිස්සු එක්ක හිටියා.

00:14 : බොහෝ අය හිතුවා, අපි අරගලයෙන් පස්සේ රට අතහැරලා යයි - අපි හැංගෙයි - අපි බයේ තැති ගැන්වෙයි.

00:19 : පහුගිය කාලෙත් කිව්වා, 'නාමල් රාජපක්ෂ නඩුව එනවා කියලා උණ ගැනිලා' කියලා.

00:22 : දැන් උණ ගැනිලා තියෙන්නේ මට ද, විෂය භාර ඇමැතිවරයාට ද කියන ප්‍රශ්නෙ තමයි මට තියෙන්නේ මේ අධිකරණ පද්ධතිය ඇතුළේ, අධිකරණ භූමිය ඇතුළේ වෙන සිදුවීම් දිහා බැලුවම!

00:29 : මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කෙරුවා.

00:32 : අපේ තරුණ කාලේ, පාසල් කාලේ ගොඩනැගුණේ හැමදාම කවුරු හරි අපිව මරන්න ඉන්නවා කියන මතය මත නේ.

00:38 : ඉතින් ඒ හින්දා දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. තාත්තා බයත් නෑ - මං බයත් නෑ.

00:41 : ජනතාව අතර අපි දේශපාලනය කරනවා. ඉතින් අපි ආගම දහම විශ්වාස කරලා ජීවත්වෙන අය.

00:46 : කෙඳිරි ගාන්න අවශ්‍යතාවයකුත් නෑ - බය වෙන්න හේතුවකුත් නෑ.

00:49 : හැබැයි ඉතින් අපිව බය කරන්න හදන අය කෙඳිරි නොගා නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි.