Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ඇලෝසියස් තාම හිරේ - මැන්ඩිස් සමාගම වැහුවා - දෙසීයකට රැකියා අහිමි වෙලා තියෙනවා.

00:04 : බදු ගෙවල නෑ! හැමදාම මේගොල්ලො කෝටි ගණනක් ආණ්ඩුවට බදු ගෙවන්නැතුව, කෝටි 500-600...

00:09 : ආණ්ඩුවට බදු ගෙවන්නේ නෑ. හැබැයි දේශපාලකයට ඡන්දෙට කෝටි 50-60 ක් දෙනවා - හැමදාම ඉන්නවා.

00:14 : අපි කිව්වා, 'බදු ගෙවන්නේ නැත්නම් වහනවා' කිව්වා. ඔය අරක්කු හදන්නේ නැත්නම්, ආණ්ඩුවෙන් හරි හදල බෙදනවා, මතක තියාගන්න - ඕනේ නම්.

00:19 : තව ප්‍රධාන හාල් හිමියෙක් ඉන්නවා - බදු පැහැර ඇරලා තියෙන්නේ - දැන් මං දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියෝග දීලා තියෙන්නේ ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්න කියලා. මෝල වැහුනත් කමක් නෑ, බදු ගෙවන්න!

00:26 : බය වෙන්න දෙයක් නෑ හාල් අතිරික්තයක් තියෙනවා කිව්වා. මං ඒ නිලධාරීන්ට දෝෂාරෝපණය කරනවා - ඒක තමයි ආවේ. හාල් වැඩියෙන් තියෙනවා කිව්වා.

00:32 : 68% ක් නාඩු කිව්වා. ඒ නිසා නාඩු අර්බුදයක් එන්නෙම නෑ කිව්වා. නමුත් අපිට එහෙන් මෙහෙන් ආවා හාල් අර්බුදයක් ඇති වේවි කියලා.

00:38 : ඊට පස්සේ පාරිභෝගික අධිකාරියට කිව්වා, තොග රැස් කරන්නන්ගෙන් වාර්තා අරගෙන එන්න කියලා.

00:42 : ජනාධිපතිතුමා, දින 17කට හාල් මදි වෙනවා - නාඩු හාල් - මෙට්‍රික් ටොන් 72,000 ක් ගේන්න වෙයි කිව්වා.

00:47 : ගේනවා හිඟයි - ගේනවා හිඟයි - අන්තිමට මෙට්‍රික් ටොන් 167,000 ක් ගෙනාවා.

00:52 : ඒ කියන්නේ හිඟයි කිව්වා වගේ දෙගුණයකට වැඩිය ගෙනාවා - ප්‍රශ්නය මොකක්ද? ආණ්ඩුවක් ලඟ දත්ත නෑ!

00:57 : අපි ඇවිල්ලා පැහෙන පළවෙනි මහ කන්නය මේක. ආයේ මෙවැනි හාල් අර්බුදයක් ලංකාවේ ඇතිවෙන්න ඉඩ දෙන්නෙත් නෑ,

01:02 : තියෙන සහතික මිල ඉක්මවා යන්න ඉඩ දෙන්නෙත් නෑ!