00:00 : අපි කියනවා, රාජ්‍ය සේවකයාගේ ඡන්ද ලක්ෂ 16 කුට්ටියකට කෙල හල හලා රට අනාථ වෙන විදිහට නිකන් බොරු පඩි වැඩි කිරීම්වලට යන්න එපා.
00:07 : රුපියල් දහදාහකින් විසිදාහකින් ලිපිකරුවෙක්ගේ, කම්කරුවාගේ, කාර්යාල සහායකයාගේ පඩිය වැඩි කළොත්, ඉහළ තනතුරුවල ඉන්න අය කියන්නේ නැද්ද ඊට වඩා අපිට වැඩිය ඕනෙ කියලා?
00:15 : එතකොට, ඔය බිලියන 300-400 ක් වියදම් කරලා කරන එකෙන් රජයට ලැබෙන සෙතක් නැහැ!
00:20 : අපි කියනවා ඒක නිසා, පුළුවන් නම් ඔය මුදලෙන් තුනෙන් දෙකක් යොදවන්න තෙල්වලට - බදු සහනය අයින් කරන්න. අනිත් තුනෙන් එකක් වියදම් කරන්න විදුලියට.
00:26 : මෙන්න මේකෙන් රටේ සමස්ත කම්කරුවාගේ, පොල් කඩන කෙනාගේ ඉඳන් කුලී වැඩ කරන කෙනාට එනකල් සහන හම්බවෙනවා.
00:32 : බඩු මිල අඩුවෙනවා. ප්‍රවාහනය අඩු වෙනවා. මේ හැම දෙයම වෙනවා.
00:35 : විදුලි බිල අඩුවීම තුළ අපේ ව්‍යාපාර සාර්ථක වෙයි - කුඩා කර්මාන්ත බිහිවෙයි - නිෂ්පාදනය වැඩිවෙයි - රැකී රක්ෂා වැඩිවෙයි.
00:41 : ඒක නිසා මේ වගේ සහනයන් ගන්න පුළුවන්, මේවා බලන්න. ඒක තමයි අපි කියන්නේ.
00:44 : එහෙම නැතුව, කරන්න ඕනේ, මුලින්ම කළ යුතු වැඩ ගොඩක් තියෙද්දී ඒ ඔක්කොම පැත්තකට දාලා, කෑලි ගලවන එකෙන් වෙන්නේ රජයේ තියෙන ප්‍රසාදය ගැලවිලා යන එක.
00:53 : ඒ කෑලි ගලවන එකත් හොඳ සංකල්පයක් නම්, ඒක ක්‍රියාත්මක කරන්නේ සැලසුම් සහගතව රජය අප්‍රසාදයට පත්වෙන විදිහටද කියලත් හොයලා බලන්න.