Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ජනාධිපතිවරණය ඉවරයි. මහ මැතිවරණය ඉවරයි.

00:02 : ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයට සහ පළාත් සභාවලට අපි විපක්ෂය හැටියට සූදානම් වෙන්න අවශ්‍යයි.

00:07 : විපක්ෂයේ අපි සියලු දෙනාම එකතු වෙලා එන මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය පසුබිම තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ.

00:13 : රනිල් මහත්තයත් එක්ක තරහක් නෑ. නමුත් අපිට ගැලපෙන්නේ නැති වැඩක් වුනා.

00:17 : අපි රටෙන්ම ඡන්ද ටික එකතු කරලා දුන්නා - දුන්නට පස්සේ ජාතික ලැයිස්තුවෙන් ආපු දෙන්නා පිලිබඳව අපි යෝජනා කිහිපයක් කළා.

00:23 : කාංචන විජේසේකරට එක තනතුරක් දෙන්න - අනිත් එකත් අපි මහන්සි වෙච්චි අයට, සුදුසු තරුණයෙකුට දෙමු කියලා තමයි අපි කතා වෙලා හිටියේ.

00:30 : නමුත් අපි හිතාපු නැති දෙයක් කළේ. බලාපොරොත්තු වෙච්චි නැති දෙන්නෙකුට මේ තනතුරු දීම නිසා මට ඇත්තටම දේශපාලනෙත් එපා වෙලා හිටියේ.

00:36 : නමුත් අර දිලිත් ජයවීර මැතිතුමා ඉල්ලීමක් කළා සර්ව ජන බලයත් එක්ක එකතු වෙන්න කියලා.

00:41 : ඒ අනුව මට නියෝජ්‍ය නායක තනතුරු දීලා තියෙනවා. දැනට ඒ කටයුතු කරගෙන යනවා.

00:45 : නමුත් අපේ පාර්ලිමේන්තු සගයෝ අනිත් අය එක්ක කථා කරලා, ඉදිරියේදී පුළුල් පෙරමුණක් හදාගන්න තමයි අද මේ සාකච්ඡාවට එන්න කියලා තියෙන්නේ.

00:51 : ඒ නිසා අපි විපක්ෂයේ පුළුල් පෙරමුණක් හදන තැන මමත් ඉන්නවා.