00:00 : අපේ අවශ්‍යතා නෙවෙයි වෙනස් වෙන්නේ. අපි අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය වෙනස් වෙනවා.
00:04 : අන්න ඒ අවශ්‍යතා සපුරා ගන්නා ආකාරයෙන් තමයි, නව වෙළඳපොළ නිර්මාණය වෙන්නේ.
00:09 : අපි ඉතා වේගයෙන් ලෝකයේ අපි අත්පත් කරගෙන තිබෙන වෙළඳපොළ පංගුවෙන් හැකිලෙමින් තිබෙනවා. ඒ ඇයි?
00:14 : ලෝකයේ ඇතිවෙමින් තිබෙන මිනිසුන්ගේ නව අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලීන් හා ආකාරයන් ඉටුකර ගැනීම සඳහා නව වෙළඳපොළක් නිර්මාණය කරගන්න අසමත් වුණා.
00:23 : නමුත් ලෝකයේ විද්‍යාවේ හා තාක්ෂණයේ ඇති වී තිබෙන මහා පෙරළියට සාපේක්ෂව, අපි ඒ වෙළඳපොල අත්පත් කරගන්න අසමත් වී තිබෙනවා.
00:30 : තේ, රබර්, පොල් - ඒ තරමටම අපි පැරැණියි.
00:33 : මේ ලෝකයේ ප්‍රධානම වටිනා සමාගම් 10 අතර මුල්ම සමාගම් 05 නව උත්පාදනයන් එක්ක තමයි ඒ සමාගම්වල වටිනාකම් නිර්මාණය කරගෙන තිබෙන්නේ.
00:41 : ඒකේ උඩින්ම ඉන්නවා ඇපල් සමාගම. ඒ කියන්නේ, ලෝකයේ වෙළඳපොළ අලුතින් නිර්මාණය කරලා තිබෙන්නේ නව උත්පාදනයන් එක්ක.
00:48 : වර්තමානයේ සහ අනාගතයේ ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණ බලය තියෙන කෙනා.
00:52 : අද, ප්‍රධාන සමාගම් අතර ඩොලර් ට්‍රිලියන ගණනක වත්කම් උපයාගෙන තිබෙන්නේ, තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම නව නිපැයුම් නිර්මාණය කරගන්න සමත් වූ කෙනා.
01:01 : රටක් හැටියටත්, අපි ආණ්ඩුවක් හැටියටත්, විශාල අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා -
01:06 : ලෝකයේ විවෘත වෙමින් තිබෙන නව වෙළඳපොළෙන් අපි පංගුවක් අත්පත් කර ගන්න නම්, අනිවාර්යයෙන් අපිට නවෝත්පාදනයන් එක්ක යන්න වෙනවා.
01:13 : ඒ නිසා අපි ඉදිරියට යන්න නම්, නවෝත්පාදනයන්ගෙන් සමන්විත නව වෙළඳපොළක්, නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම සඳහා අපි අවධානය යොමුකළ යුතුයි.