Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : විශේෂයෙන්ම මම දැක්කා මේ ත්‍රිරෝද රථයක ගහලා තිබිච්ච එකක්.

00:03 : පහුගිය දිනවල ත්‍රිරෝද රථවල ගහල තිබුණේ 'මුළු රටම මාලිමාවට' - පිටිපස්සේ ස්ටිකර් එකක් අලවල තිබුණා. මේක ගහලා තිබුනා - ඡන්දෙත් දුන්නා.

00:11 : දැන් ඒක ගලවලා, ගහලා තියෙනවා ස්ටිකර් එකක් - මං දන්නෑ මේ මනුස්සයා කොහෙන් හොයාගෙනද කියලා - 'කරුමය මාලිමාව ලෙසද පැමිණිය හැක'!

00:19 : ප්‍රවාහනය පිළිබඳ ඇමතිවරුත් එක්ක මමත් කැබිනට් මණ්ඩලයේ ඉන්දැද්දි කිව්වා,

00:23 : මේ බස් රථවලට, ත්‍රිරෝද රථවලට තමන් ඒක නවීකරණය කරගන්න යම් දෙයක් එකතු කරනවා නම්,

00:29 : රථවාහන නීතිය යටතේ ඒක එකතු කරන්න දෙන්න. හැබැයි, ඒකට යම් බද්දක් ඇති කරගන්න.

00:34 : මේ බස්, ත්‍රීවිල් විතරක් නෙවෙයි - V8 එකක් ගන්න - ප්‍රාඩෝ එකක් ගන්න - ඩිෆෙන්ඩර් එකක් ගන්න -

00:39 : ඒ වගේම අනිකුත් තියෙන අධි සුඛෝපභෝගී වාහනවල හැම එකකම තියෙනවා වෙනම කෑලි සවි කරලා. බොඩි කිට්ස් දාලා තියෙනවා.

00:46 : දැන් ඊට පස්සේ ඕකත් ගලවන්න යනවනේ. ඕකත් ගලවන්න ගියාම රටේ මතයක් ඇති වෙනවනේ.

00:50 : ඒ නිසා, Clean Sri Lanka කියලා කියන එකේ නිලධාරීන්ට වැරැද්දක් කරන්න ඉඩ තියන්න එපා කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ.