Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : පැහැදිලිවම කියන්න ඕනේ, පින් කිරීම හෝ පව් කිරීම සම්බන්ධයෙන් ඇත්තටම නාමල් රාජපක්ෂට කතා කිරීමේ අයිතියක් නෑ.

00:05 : මොකද, ඔහුගේ පරම්පරාවේ රාජපක්ෂ කෙනෙක් ඔය දියවඩන නිලමේ තනතුර අත්පත් කරගෙන සිටියා. කතරගම බස්නායක නිලමේ තනතුරේ හිටියා.

00:11 : එතකොට ඒ කාලේ අපි දැක්කේ නෑ මේ විදියට රෝහල් ඉදිවෙනවා - එහෙම නැත්නම් මේ විදිහට මේ මුදල් ජනතාවගේ හිතවාදී ආකාරයට ගලාගෙන එනවා.

00:17 : ඒ විතරක් නෙමෙයි, නාමල් හරි උපක්‍රමශීලිව තමන්ගේ සහෝදරයා යෝෂිත රාජපක්ෂට එල්ල කරන චෝදනාව හරි සිල්ලර අරගෙන ඔහු කියනවා,

00:24 : 'මේ අපේ මල්ලිව ගෙනල්ලා තියෙන්නේ අනේ වැඩ කරපු මිනිහෙක්ට පඩියක් දීපු එක සම්බන්ධයෙන්'.

00:28 : නෑ. ඔහුගේ චෝදනාව තියෙන්නේ එහේ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන්. ඇයි ඒක කතා කරන්නෙ නැත්තේ? හැමදාම මේ නාමල් රාජපක්ෂලා කළේ මහ ජනතාව අන්දන එක.

00:35 : එතකොට ඒ ජනතාව අන්දපු නාමල් රාජපක්ෂලාට නැවත වටයකින් අපි කියනවා, මේ ආණ්ඩු ගැන හරි, මේ කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් හරි,

00:40 : මේ මොකක් ගැනවත් කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නෑ. ජනතාව ඔවුන්ට උත්තරේ දීල ඉවරයි!

00:45 : ඒක නිසා තවදුරටත් අපි කියනවා, මේ ක්‍රමය බිඳ වැටෙනවා නම්, මේ ක්‍රමය වෙන වැරදි පීල්ලක යනවා නම්,

00:49 : මේක නිවැරදි කරගැනීමේ අයිතිය තියෙන්නේ පුරවැසියන් වන අපට මිසක් නාමල් රාජපක්ෂලාට නෙමෙයි! නාමල් රාජපක්ෂලා එන්න ඕනේ නෑ ඒක නිවැරදි කරන්න.

00:55 : මොකද ඔවුන් වැරදි බව ජනතාව තේරුම් අරගෙන, ඔවුන්ට මේ දේශපාලනයෙන් අතුගාල දාලා ඉවරයි.