00:00 : Clean Sri Lanka ප්‍රතිපත්ති හොඳයි. ඇත්ත වශයෙන්ම Clean Sri Lanka ප්‍රතිපත්තිය එළි දක්වපු දවසේ ගරු ජනාධිපතිතුමා විසින් කරපු ප්‍රකාශය ඉතා වැදගත් ප්‍රකාශයක්.
00:07 : මම අගය කරනවා. ඒ ප්‍රකාශයේ තිබුණු ඒ වැදගත් මූලධර්මයන් මේ රටට අවශ්‍යයි.
00:11 : මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ කටයුතු සාර්ථක කරගන්න ජනාධිපතිතුමාටත්, ඒ කාර්ය සාධක බලකායටත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
00:18 : හැබැයි, එක දෙයක් කියන්න ඕනේ. Clean Sri Lanka මුවාවෙන් පදික වෙළෙන්ඳන් ඉවත් කරලා, එහෙම නැත්නම් පාරේ කැඳ විකුණලා ජීවත්වන අහිංසක මිනිස්සුන්ව එළවලා, කොස් ටික විකුණන මනුස්සයව එලවලා...
00:27 : ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට බාධා කරන එක නම් ගැලපෙන්නේ නෑ.
00:30 : අපේ රටේ අන්තිමටම කරන්න ඕනේ දේවල් තියෙනවා. මුලින් කරන්න ඕන දේවල් තියෙනවා.
00:33 : ඉතින් Clean Sri Lanka කියලා කියන්නේ එක අතකින් පිරිසුදුකම, අනිත් පැත්තෙන් දූෂණය පිළිබඳ කාරණය.
00:37 : මේ සියල්ලම පිළිබඳව කටයුතු කිරීම වැදගත්. ප්‍රතිපත්තිය නම් අතිශයින් වැදගත්.
00:41 : අපි සුබ ප්‍රාර්ථනා කරනවා. රජයට මේ Clean Sri Lanka ප්‍රතිපත්තිය සාර්ථක කරගන්න අවශ්‍ය සහයෝගයක් තියෙනවා නම් අපි දෙන්න ලෑස්තියි.
00:46 : හැබැයි ජනතාව පීඩාවට පත්කරනවා කියන තැනට අපි එකතු වෙන්නෙ නෑ.