Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : මැතිවරණයේ නාමයෝජනා භාර දීලා තිබුනේ ව්‍රායි සහෝදරියගේ නායකත්වයෙන්.

00:04 : හැබැයි රනිල් වික්‍රමසිංහ ඒකට බාධා කළා. මිනිහා ඒක වංගුවක් ගහලා අකුල ගත්තා.

00:09 : වංගුවක් ගහලා අකුලගෙන, තමුන්නාන්සේලාගේ ජන මනස විකෘති කරලා එයාගෙ පැත්තට ජන මනස ගන්න තමයි පළාත් පාලන මැතිවරණය වැළැක්වුවේ.

00:18 : නමුත් මිනිහට වැඩේ වැරදුනා! මේ වැඩේ අනිත් පැත්තට කරකැවුනා. වෙන කෙනෙකුට පත්තු කරන්න ගියපු වෙඩිල්ල තමන්ගේ පැත්තටම ආවා.

00:25 : පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ව්‍රායි ඇතුළු කණ්ඩායම කොළඹ නගර සභාවට යන එක තමයි මිනිහා වැළැක්වුවේ.

00:33 : දැන් අන්තිමට දෙන්න වුණා - රටේ ජනාධිපතිකමත්, කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩුවත් ජාතික ජන බලවේගයට.

00:39 : දැන් මොකක්ද හිතෙන්නේ, අප්‍රේල් මාසේ මොකක් වෙයිද? අනිවාර්යයෙන් ඉතිහාසයේ කවර කවදාවත් අපිට බලයක් නොමැති ස්ථානයක් අපි ජයග්‍රහණය කරනවා.

00:48 : කොළඹ මහ නගර සභාවේ බලය අපි අනිවාර්යයෙන් අත්පත් කරගන්නවා. ඒක ඉරහඳ වගේ විශ්වාසයි!