Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳව -

00:08 : මං හිතන්නේ අවුරුදු කිහිපයකට කලින් මම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකාවකට කරන ලද ප්‍රකාශයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමයි අද මට එන්න කියලා තිබ්බේ.

00:16 : මම ඒ ප්‍රකාශය සම්බන්ධව මගේ පැහැදිලි කිරීම කළා. ඒ ප්‍රකාශයට අදාළ අපි සතුව තිබුණු ඇතැම් ලිඛිත තොරතුරු පොලිසියේ නිලධාරීන්ට භාර දුන්නා.

00:24 : ඒ අපි භාර දීපු ලිපිලේඛණ අනුව නම්, මං අසාමාන්‍ය ධනයක් - මං හිතන්නේ සම්පූර්ණ ධනය වෙන්න බෑ - ඒ ප්‍රමාණයත් විශාල ධනයක් කියලා කියන්න පුළුවන්.

00:33 : බැසිල් ඇමෙරිකාවේ රස්සාවක් කළේ නෑනේ. ලංකාවේ කරපු රස්සාවෙන් හම්බ කරපු දේවල්වලින් නේ ඇමෙරිකාවේ දේපල තියෙනවා නම් තියෙන්නේ.

00:39 : අර කට්ටියගේ නමින් තියෙන සමහර තොරතුරු අපි දුන්නා - අපි ගාව තියෙන තොරතුරු. අපි ගාව නැති තොරතුරුත් ඇති.

00:44 : අවංක ඕනකමක් තියෙනවා නම් මේ ආණ්ඩුවට, ඔය බොරුවට හොරු අල්ලනවෝ කියලා නිකම් මේ වැඩකට නැති හාල්මැස්සෝ උස්සන් යන්නේ නැතුව,

00:51 : නියම හොරු අල්ලන්න ඕනෙ නම්, අමෙරිකා එක්සත් ජනපදයේ බැසිල් රාජපක්ෂගේ දේපළ ටික හරියට හොයල ගත්තොත්, අන්න කවුද හොරා කියලා ලංකාවටම ඔප්පු කරලා පෙන්නතෑකි.