00:00 : සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්.
00:04 : එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කරනවා.
00:10 : ඒක ලේසි පහසු මුදලක් නොවෙයි. ඉදිරි අවුරුදු කිහිපයෙත් එහෙම තමයි.
00:13 : ඒ වගේම මං කියන්න කැමතියි, සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය ධානපතියන් හරහා අරමුදල් ලැබෙනවා, ජනාධිපති අරමුදලට උදව් කරන්න පුලුවන්
00:20 : ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා විදේශීය ජාත්‍යන්තර ආයතනවල දායකත්වය, අනුග්‍රහය යම් යම් කාර්යයන්ට ලැබෙනවා.
00:26 : දැන් අපි කරමින් ඉන්නෙ මොකක්ද? මං අතීතයට බරපතල විවේචනයක් කරනවට වඩා -
00:31 : අපි කරන්න උත්සාහ කරන්නේ, මේ සියලු ප්‍රතිපාදන යම් ආකාරයකට විධිමත්ව, සැලසුම් සහගතව යොදවන්න කටයුතු කරන එක.
00:38 : මෙතනින් එහාට දේශපාලන උවමනාව මත හෝ කාට හරි මේ රෝහලක් බලලා හිතේ ඇතිවෙන සංවේදී සිතුවිල්ලට උදව් කරන්න බැහැ!
00:47 : අපි යම් ආකාරයක ඉදිරි අවුරුදු 20 පිළිබඳව සලකලා බලලා, ජාතික සැලැස්මක් අනුව තමයි මේ සංවර්ධන කටයුතු කරන්නේ.
00:54 : එහෙම නැත්නම්, ඇත්තටම හිත හොඳින් දෙන ආධාරය වුණත් අවුරුදු කිහිපයක් ගියාට පස්සේ, ඒක අමාත්‍යාංශයට, රජයට බරක් වෙනවා.
01:00 : සමහර තැන්වල ගොඩනැගිල්ල හදලා යනවා - ඊට පස්සේ ඔන්න එනවා උද්ඝෝෂණය - 'දැන් වෛද්‍යවරු නෑ, උපකරණ නෑ' මෙහෙම කියලා.
01:06 : අපි අපේ භාණ්ඩාගාරයේ ප්‍රමාණයට සහ රටේ අවශ්‍යතාවය අනුව මේ කටයුතු සැලසුම් කරනවා. ඒකට පොඩි කාලයක් ගත්තට කමක් නෑ කියලා මම හිතන්නේ.
01:14 : එතනින් එහාට අන්න ඒ සැලැස්ම අනුව තමයි මේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ.